-අපොයියාව-
-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල-
"මේ පාරවල් සතර ඔස්සේ කැමති අයෙකුට කැමති පරිදි අපේ ගෙදරට පිවිසිය හැකි ය. අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ වචන සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.සැවොම ගෙදර සිටිනා විට රාත්‍රියට මහත් සතුටක් දැනෙයි. " (පි.49).
"මම 8 හරහට "මලකඩ' යනුවෙන් පිරව්වෙමි. යකඩ විනාස කරන්නට තරම් බලවත් වූ මේ අපරාධකාරී මලකඩ' යන වචනය පවා මේ වෙලාවේ ජයග්‍රහණයක හවුල්කරුවෙකු වන අයුරු සිතා මම පුදුමයට පත්වුණෙමි. ඕනෑ ම වේදනාකාරි දෙයක පවා වටිනා පාඩමක් තැන්පත්ව ඇතැයි යන සිතිවිල්ල මාගේ සිතේ හටගෙන තිබිණි. දවස පුරා දොළ ගලා කුඹුර දෙපස ලියදි සේදී විනාස වී ගිය ද පසුදා දොළ පිරිසිදුවට ගලන්නේ දෙපස පිරිසිදු වැලි තලා ඉතිරි කරමින් ය. මහා පෑවුමක දී පවා එසේ ය. අපට නොපෙනෙන ආශීර්වාදයන් සැඟව තිබිය හැකිය."(පි.84)
මුතුහර නම් කුඩා දරුවා සිය කිරිඅම්මාගේ ද උදව් ඇතිව ප්‍රහේලිකාවක් පුරවා ජයග්‍රහණය කර තෑගි ලබන අයුරු කතාව පුරා දිව ගොස් ඇත. මෙරට ගැමි ජීවිතය හා භාෂාව මුල් කර ගනිමින් කතාව රචනා වී ඇති අයුරු ද හඳුනා ගත හැකි ය. කතාව අවසානයේ දී ඉදිරිපත් කරනු ලබන පහත අදහස තුළ මහා අර්ථයක් සැඟ වී ඇති බැව් ද පෙනේ.
"ඔබ ඉදිරියෙහි ඇති
ප්‍රහේලිකාව ගැන සිතන්න
ඔබට උදවි කිරීමට
වචන මඟ බලාගෙන හිඳි."

Comments
Post a Comment