දර්ශනා ශම්මි විජේතිලක-
![]() |
"කේන්දරයක් කියන්නෙ ගිය ආත්මවල තමුන් කරපු පවුපිංවලට අනුව සුබ අසුබ දෙන ආකාරයට ග්‍රහයො පිහිටුවල ඒ අනුව අපිට සංසාරෙ මේ අත්බවේ ගත කරන්න කියන ජීවිතය ගැන කියාදෙන පාඩම් පොතක්. අපල කාලෙ කියන්නෙ තමුන් කර පව් මේ ආත්මේ පලදීම, සුබ කාලෙ කියන්නෙ තමුන් කර පිං මේ අත්බවේ පලදීම. මේ දෙක අතරේ තමයි හැම කේන්දරයක්ම තියෙන්නේ. ඒ අතරින් හොඳින් පිං දහම් කළ එව්වන්ගෙ අපල කාලයක් තිබුණත් ඒ අපල කාලෙත් අතරින් පතර පිං පලදෙනව. රූප සම්පත්තිය, බඩ රස්සාව, විවාහය, දරුවො මේ හැමදේම අපි කරන පිං පව් අනුව ලැබෙන දේවල්. ගිය අත්බවේ තමන්ගෙ ජම්මාන්තර වෛරක්කාරය මේ අත්බවේ තමුන්ගේ පියා, මවු, දරුව, බිරිඳ, ස්වාමියා වෙලා ඉපදිල තමුන්ට දුක්ගැහැට දෙන්න පුළුවන්. තමුන්ගෙ සේසතම නැති කරන්න පුළුහං. මේක පුදුමාකාර ලෝ ධාතුවක්. අපිට ඕන දේ අපිට කොරන්න බැහැ. අපි ගැන බලාගෙන ඉන්නව දෙවිගොල්ලො, තාරකා, නොපෙනෙන ඇත්තො එමටයි. මේ ඇත්තිට තමන්ගෙ ජීවිතෙන්ම මේ පාඩම් ඉගෙන ගන්න පුළුහං. තමුන්ගෙ කේන්දරෙන්ම මේ හැම කරුණු කාරණාවක්ම දැනගන්න පුළුහං. " (පි.58).
"අපි හැමෝම හමුවේවි වෙන්වේවි. නිවන් දකින තාක් කල් මේ සංසාරෙ සැරිසරනව. මේ සංසාරෙ දුක්ගැහැට අපමණ තිබුණත් අපි කැමතියි ආයෙම අපේම අය අතරෙ ඉපදෙන්න. අපි ජීවිතේ අනන්තවත් මුමුනන්න ඇති අපි කැමති අය නැවත සංසාරේ මුණගැහෙන්න කියල. රවිනාථ නිසා වසුන්දරා ජීවිතේ සතුට වගේම දුකක් වින්දා. හෙණ පුපුරල වහින මහා ධාරාණිපාත අසනග වැස්සක් වගේ ජීවිතේට දුක් කම්කටුලු ආවත්. බැඳීම් ඇලීම්වලින් වෙන්වෙනව කියල හිතුවත් අන්තිමට වසුන්දරා ප්‍රාර්ථනා කළෙ ආයෙම සංසාරෙ දවසක එකට එකතු වෙන්න. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත." (පි.399)
ජීවිත ගමන් මඟේදී අපිට හමුවන අය අතරින් අපේ හිත් තදින් ම බැඳෙන්නේ කීයෙන් කී දෙනෙක් එක්කද. ඒ බැඳීම් සංසාර ගත බැඳීම් වෙන්න ඇති. කොයිතරම් අපිට ඒ අය අතින් වැරැදි උනත් අපි ඒ ආදරණීයන්ට සමාව දෙනවා. කාලයත් එක්ක ඔවුන් අපිට වැරැදි කරා කියලා අමතක වෙනවා. ඉතිං අපි ඒ අයව සංසාරේ පුරා නැවත නැවත හමුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ම්නිස් හිත එහෙමයි. "අසනග වැසි" ජීවිතේ මං කියවපු හරි ලස්සන පොතක්. මානව බැඳීම්වල ස්වාභාවය මැනවින් සංවේදීව ඉදිරිපත් කරන ඇස් තෙත් කරන පොතක්.

ලස්සන පොතක් ♥️
ReplyDeleteBeautiful🤗
ReplyDelete❤️
ReplyDelete