Skip to main content

නුඹ නො ඒ නම් කියන්න(කාව්‍ය සංග්‍රහය)

-නුඹ නො ඒ නම් කියන්න-

-සෞම්‍ය සඳරුවන් ලියනගේ-

නො පළ පෙම් කවි...

බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන් රැඳී
නො ලී කවියක් තිබිය නො හැකිද
හදේ යම් රිදුමක් දිදී

තියුණු රුදු සැත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන'මුත් ඇනී
සිඳිනු හැකි වෙද කෙලෙස, කිකලෙක
එවන් හද පාරන බැමී

ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමං නොකරමී

නිතින් ගිනිගත් හදින් දැවෙමින්,
දරා ඉමිහිරි වේදනාවන්,
පෙමින්, සඟවා තබා ගන්නෙමි
නො ලී එ'සහන් ගීතිකාවන්,
සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිතී;
ලියා අවසන් කවක් කෙළවර
මැකී - වියැකී යා නො දී

ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක
රකිමි, එනමුදු නො ලියමී;
දරා විඳගමි
දැවී මිය යමි
ලියා පිටමං නොකරමී

මෑතකදි මේ කවිය ගීතයක් බවට පත් වෙද්දි, කවියේ punch lines බවට පත් වුණු අවසානය, ගීතයෙන් ගිලිහීම දුකක්.

Comments

  1. ලස්සන වගේම වැදගත් පොතක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අසනග වැසි(නවකතා)

- අසනග වැසි- දර්ශනා ශම්මි විජේතිලක - "කේන්දරයක් කියන්නෙ ගිය ආත්මවල තමුන් කරපු පවුපිංවලට අනුව සුබ අසුබ දෙන ආකාරයට ග්‍රහයො පිහිටුවල ඒ අනුව අපිට සංසාරෙ මේ අත්බවේ ගත කරන්න කියන ජීවිතය ගැන කියාදෙන පාඩම් පොතක්. අපල කාලෙ කියන්නෙ තමුන් කර පව් මේ ආත්මේ පලදීම, සුබ කාලෙ කියන්නෙ තමුන් කර පිං මේ අත්බවේ පලදීම. මේ දෙක අතරේ තමයි හැම කේන්දරයක්ම තියෙන්නේ. ඒ අතරින් හොඳින් පිං දහම් කළ එව්වන්ගෙ අපල කාලයක් තිබුණත් ඒ අපල කාලෙත් අතරින් පතර පිං පලදෙනව. රූප සම්පත්තිය, බඩ රස්සාව, විවාහය, දරුවො මේ හැමදේම අපි කරන පිං පව් අනුව ලැබෙන දේවල්. ගිය අත්බවේ තමන්ගෙ ජම්මාන්තර වෛරක්කාරය මේ අත්බවේ තමුන්ගේ පියා, මවු, දරුව, බිරිඳ, ස්වාමියා වෙලා ඉපදිල තමුන්ට දුක්ගැහැට දෙන්න පුළුවන්. තමුන්ගෙ සේසතම නැති කරන්න පුළුහං. මේක පුදුමාකාර ලෝ ධාතුවක්. අපිට ඕන දේ අපිට කොරන්න බැහැ. අපි ගැන බලාගෙන ඉන්නව දෙවිගොල්ලො, තාරකා, නොපෙනෙන ඇත්තො එමටයි. මේ ඇත්තිට තමන්ගෙ ජීවිතෙන්ම මේ පාඩම් ඉගෙන ගන්න පුළුහං. තමුන්ගෙ කේන්දරෙන්ම මේ හැම කරුණු කාරණාවක්ම දැනගන්න පුළුහං. " (පි.58). "අපි හැමෝම හමුවේවි වෙන්වේවි. නිවන් දකින තාක් කල් මේ සංසාරෙ සැර...

අපොයියාව(යොවුන් නවකතා)

-අපොයියාව- -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල- "මේ පාරවල් සතර ඔස්සේ කැමති අයෙකුට කැමති පරිදි අපේ ගෙදරට පිවිසිය හැකි ය. අපේ ප්‍රහේලිකාවට වචන  පැමිණෙන්නේ ද හරියට මේ වචන සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.සැවොම ගෙදර සිටිනා විට රාත්‍රියට මහත්  සතුටක් දැනෙයි. " (පි.49). "මම 8 හරහට "මලකඩ' යනුවෙන් පිරව්වෙමි. යකඩ විනාස කරන්නට තරම් බලවත් වූ මේ අපරාධකාරී මලකඩ' යන වචනය පවා මේ වෙලාවේ ජයග්‍රහණයක හවුල්කරුවෙකු වන අයුරු සිතා මම පුදුමයට පත්වුණෙමි. ඕනෑ ම වේදනාකාරි දෙයක පවා වටිනා පාඩමක් තැන්පත්ව ඇතැයි යන සිතිවිල්ල මාගේ සිතේ හටගෙන තිබිණි. දවස පුරා දොළ ගලා කුඹුර දෙපස ලියදි සේදී විනාස වී ගිය ද පසුදා දොළ පිරිසිදුවට ගලන්නේ දෙපස පිරිසිදු වැලි තලා ඉතිරි කරමින් ය. මහා පෑවුමක දී පවා එසේ ය. අපට නොපෙනෙන ආශීර්වාදයන් සැඟව තිබිය හැකිය."(පි.84)     ...