-අපොයියාව- -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල- "මේ පාරවල් සතර ඔස්සේ කැමති අයෙකුට කැමති පරිදි අපේ ගෙදරට පිවිසිය හැකි ය. අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ වචන සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.සැවොම ගෙදර සිටිනා විට රාත්‍රියට මහත් සතුටක් දැනෙයි. " (පි.49). "මම 8 හරහට "මලකඩ' යනුවෙන් පිරව්වෙමි. යකඩ විනාස කරන්නට තරම් බලවත් වූ මේ අපරාධකාරී මලකඩ' යන වචනය පවා මේ වෙලාවේ ජයග්‍රහණයක හවුල්කරුවෙකු වන අයුරු සිතා මම පුදුමයට පත්වුණෙමි. ඕනෑ ම වේදනාකාරි දෙයක පවා වටිනා පාඩමක් තැන්පත්ව ඇතැයි යන සිතිවිල්ල මාගේ සිතේ හටගෙන තිබිණි. දවස පුරා දොළ ගලා කුඹුර දෙපස ලියදි සේදී විනාස වී ගිය ද පසුදා දොළ පිරිසිදුවට ගලන්නේ දෙපස පිරිසිදු වැලි තලා ඉතිරි කරමින් ය. මහා පෑවුමක දී පවා එසේ ය. අපට නොපෙනෙන ආශීර්වාදයන් සැඟව තිබිය හැකිය."(පි.84) ...
- නුඹ නො ඒ නම් කියන්න- -සෞම්‍ය සඳරුවන් ලියනගේ- නො පළ පෙම් කවි... බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නො ලී කවියක් තිබිය නො හැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන'මුත් ඇනී සිඳිනු හැකි වෙද කෙලෙස, කිකලෙක එවන් හද පාරන බැමී ඉතින් එබැවින් නවතිමී හදින් පිටමං නොකරමී නිතින් ගිනිගත් හදින් දැවෙමින්, දරා ඉමිහිරි වේදනාවන්, පෙමින්, සඟවා තබා ගන්නෙමි නො ලී එ'සහන් ගීතිකාවන්, සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිතී; ලියා අවසන් කවක් කෙළවර මැකී - වියැකී යා නො දී ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි, එනමුදු නො ලියමී; දරා විඳගමි දැවී මිය යමි ලියා පිටමං නොකරමී මෑතකදි මේ කවිය ගීතයක් බවට පත් වෙද්දි, කවියේ punch lines බවට පත් වුණු අවසානය, ගීතයෙන් ගිලිහීම දුකක්.